හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිව්වන වතාවටත් පරාජය වී ඇති බව අමාත්‍ය කබීර් හෂීම් පවසනවා.
රඹුක්කන ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු ප‍්‍රකාශ කළේ ජන සටන පාද යාත‍්‍රාව ඊට හොඳම උදාහරණය බවයි.
“මහින්ද රාජපක්ෂ මහතා හතරවෙනි පාරටත් ෆේල් වෙලා තියෙනවා. ජනාධිපතිවරණයෙන් දිනන්න පුළුවන් කියලා කලින් ඡන්දේ තිබ්බා ඒකෙන් පැරදුනා. මහා ඡන්දෙකට යනකොටත් අභියෝග කළා ඕකත් දිනනවා කියලා ඒකෙනුත් බැරිවුණා. මැයි දිනයේදිත් බලය පෙන්නනවා කිව්වා ඒකෙනුත් පැරදුනා. දැන් මහලොකුවට පා ගමනක් යනවා කියලා පටන් ගත්තා අන්න හතරවෙනි පාරටත් ෆේල්.
මොකද මින්ස්සුන්ට අද තේරිලා තියෙනවා. විරෝධතා පුවරු ඕන තරම් තිබුණා පාර දිගටම. ඇයි උස්සන් යන්න මිනිස්සු නැහැ. අද ආණ්ඩුව හරියට මේ රටේ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරා. නීතියේ ආධිපත්‍ය ලබාදීලා එයාලට ආරක්ෂාව ලබාදුන්නා. ඒක තමයි අපේ ක්‍රමවේදය , ඒක තමයි යහපාලනය කියන්නේ”.
මේ අතර පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට ඇතැමුන් උත්සහ දරමින් සිටින බව අමාත්‍ය චන්දිම වීරක්කොඩි හපුගල ප‍්‍රදේශයේ ඊයේ (31) පැවති ජන හමුවකදී ප‍්‍රකාශ කළා.