අනාරක්ෂිත දුම්රිය ගේට්ටු මුරකරුවන්ගේ වැටුප් සහ දීමනා වැඩි කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ප්‍රවාහන නියෝජය අමාත්‍ය අශෝක අබේසිංහ පවසනවා.
නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ අදාළ සේවකයින්ට මෙතෙක් කාලයක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් ගෙවීම් සිදුකර ඇති බවයි.
අනාරක්ෂිත දුම්රිය ගේට්ටු මුරකරුවන් දින කිහිපයක සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, තම වැටුප් සහ දීමනා වැඩි කරන ලෙස සහ තමන්ව දුම්රිය දෙපාර්තමේන්තුවට අනුයුක්ත කරගන්නා ලෙස බලකරමින්.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මහා භාණ්ඩාගාරය සමග කඩිනමින් සාකච්ඡා කර විසඳුමක් ලබාදෙන ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට උපදෙස් ලබා දී ඇති බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ සඳහන් කළා.