බීම බෝතල්වල සීනි මට්ටම සඳහා වර්ණ සංඛේත නිකුත් කිරීමේ නියෝග අද (01) සිට කි‍්‍රයාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
අදාළ ගැසට් නිවේදනය ද මේ වන විට නිකුත් කර තිබෙනවා. මීට පටහැනිව කටයුතු කරන වෙළදසැල් සොයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මගින් වැටලීම් සිදුකරන බවද සෞඛ්‍ය අමාත්‍යාංශය කියාසිටියා.
මහජනතාව සීනි පරිභෝජනය අවම කර සෞඛ්‍ය සම්පන්න කිරීම මෙහි අපේක්ෂාවයි.