සැමන් ටින් දෙකක් ආධාරයෙන් ඇවිදින පාද අහිමි අට හැවිරිදි සිරියානු දැරිය පිළිබඳව සමාජජාල ඔස්සේ දැඩි කතාබහක් මතු කළා.
ඒ ආකාරයෙන් සිරියානු සරණාගත කඳවුරක සිටින ඇයව දැකීමෙන් මුළු ලොවම කම්පාවට පත් වුණා.
ඇයව දැකීමෙන් බොහෝ දෙනෙක් ඇයට පිහිටවීමට පෙළඹී ඇති බවයි වාර්තා වෙන්නේ.
තුර්කියේ ඉස්තාන්බුල් නුවරට ඇයව රැගෙන විත් එහිදී ඇයට ප්රතිකාර කිරීම ආරම්භ කර ඇති අතර තුර්කි රජය මැදිහත් වී ඇයට කෘත්රිම පාද ලබා දීමට ද සූදනම් බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.