Thursday, March 28, 2024

General line - 0115112241

මධුසමය ගතකරපු කුලියාපිටිය හෝටලයේ දොරවල්වල සිදුරු රැසක් (VIDEO)

66517

පෙරේදා (02) දිනයේ විවාහ පත් යුවළක් මධුසමය ගත කිරීම සඳහා කුලියාපිටිය රැජිණ හෝටලයට පැමිණ තිබෙනවා.

ඊයේ උදෑසන මෙම යුවළ නවාතැන්ගෙන සිටි කාමරයෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී අහම්බෙන් දොරේ තිබූ අඟල් භාගයක පමණ සිදුරක් දැක තිබෙනවා.  

මෙම සිදුර යුවළ නවාතැන්ගෙන සිටි කාමරයේ, යහනට මුහුණලයි පිහිටා ඇත්තේ. 

දහවල් වනවිට ඔවුන්ව රැගෙන යාමට පැමිණි නෑදෑ හිතවතුන් පිරිසට මෙම සිදුවීම පැවසීමත් සමග ඔවුන් යුවළ රැදීසිටි හෝටෙල් කාමරය පරීක්ෂාවට ලක්කර තිබෙනවා. එහිදී මෙවැනිම ආකාරයේ සිදුරු ඇති දොරවල් කිහිපයක්ම හෝටලයේ ඇති බවයි ඔවුන් දැක ඇත්තේ.

මේ හේතුවෙන් කලබලයට පත් නෑදෑ හිතවතුන් කුලියාපිටිය පොලිසිය වෙත පැමිණිලක්ද ගොනුකර තිබෙනවා.

ඔවුන් පවසන්නේ කවුරුන් විසින් හෝ ඔවුන්ව වීඩියෝ ගතකර ඇතැයි සැකසහිත බවයි.

කෙසේ වෙතත් මෙම හෝටලයේ කළමණාකරු ඇතුළු සේවකයන් පවසන්නේ මේ සම්බන්ධයෙන් තමන් කිසිත් නොදන්නා බවයි. 

සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

SHARE

You may also like