Tuesday, April 23, 2024

General line - 0115112241

CID ආපු ශිරන්ති ගැන මැති ඇමති අදහස් (VIDEOS)

2778

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිදුවීමට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනුම් දීමකට අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ත රාජපක්ෂ අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

ඇයත් සමග මහින්ද රාජපක්ෂ මහතාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. 

ඒ අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් රැසක් හා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සමීපයට පැමිණ සිටියා.

එම අවස්ථාවේ දර්ශණ පහතින්. 

SHARE

You may also like