Friday, April 26, 2024

General line - 0115112241

මුදල් අවභාවිතයකට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුත් ඈඳෙයි




කලක් පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාව සිටි මෑතකදී නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස උසස් වීම් ලැබූ නිලධාරියෙකු ප‍්‍රශ්න කිරීමක් සඳහා කැඳවීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකය සූදානම් වනවා.

ඒ, පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ ගොඩනැගිල්ල ප‍්‍රතිසංස්කරණය කිරීමේදී සිදුව ඇතැයි කියන මුදල් අව භාවිතය සම්බන්ධයෙන්.

එවකට පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ සේවය කළ ගණකාධිකාරීවරයා, ප‍්‍රවර්ධන අංශයේ සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු මෙම මුදල් අව භාවිතය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගැනුණා.

ඔවුන් ලබන 25 වෙනිදා දක්වා මේ වන විට රක්ෂිත බන්ධනාගරාගත කර සිටිනවා.