ලෝකයේ කුළු බඩු බලාගාරය ලෙස සැළකෙන ඉන්දියාවේ කුළු බඩුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ලොව පුරා දැඩි කතාබහක් මතුව තිබෙනවා.
ඒ, ඉන්දීය කුළුබඩුවල පිළිකාකාරක රසායනිකයක් වන එතිලීන් ඔක්සයිඩ් අඩංගු බවට වාර්තා පළ වීමත් සමගයි.
ඒ අනුව දැනටමත් සිංගප්පූරුව සහ හොංකොං ඉන්දීය කුළු බඩු ප්‍රතික්ෂේප කර ඇතැයි සඳහන්.
අමෙරිකාව, යුරෝපා සංගමය, මාලදිවයින, බංග්ලාදේශය සහ ඕස්ට්‍රේලියාවද ඉන්දියාවේ කුළු බඩුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.
පවතින තත්ත්වය සළකා අපනයනය කරන කුළුබඩු දැඩි පරික්ෂාවකට ලක් කිරීමටයි ඉන්දියාව දැනටමත් කටයුතු කර ඇත්තේ.
ඉන්දියාව යනු ගෝලීය කුළුබඩු අපනයනයෙන් සියයා 12කට හිමිකම් කියන ප්‍රධානම රටක්.
ඉන්දියාවේ වාර්ෂික කුළු බඩු අපනයන ආදායම අමෙරිකාව ඩොලර් බිලියන 04ක්. චීනය, අමෙරිකාව සහ බංග්ලාදේශය ඉන්දීය කුළුබඩු මිලදී ගන්නා ප්‍රධාන රටවල් තුනයි.
මිරිස් කුඩු, කහ, සූදුරු, එනසාල්, සාදික්කා, කරාබුනැටි සහ කුරුඳු ඉන්දීය කුළුබඩු අතර ප්‍රධාන තැනක් ගන්නවා.
ඉන්දීයාව කුළුබඩු වර්ග 200ක් ලොව පුරා රටවල් 180කට අපනයනය කරනවා.