Saturday, February 22, 2025

General line - 0115112241

ආර්ථික වාසිය ජනතාවට දෙන්න නව පනත් කෙටුම්පතක් ළඟදීම මැති සබයට



රට ආර්ථික වශයෙන් නැවත වරක් ආගාධයට යෑම වැළැක්වීම සඳහා වැදගත් වන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බව ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශක ආශු මාරසිංහ පවසනවා.

රටට අවශ්‍ය ආර්ථිකමය වෙනස්කම් සිදුකිරීම සඳහා එම පනත් කෙටුම්පත වැදගත් වන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.