ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යන ගිණුම්වල ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් යුරෝපීය කොමිසම මඟින් පරීක්ෂණයක් පවත්වා තිබෙනවා.
එම සංගමය පෙන්වා දෙන්නේ අදාළ ගිණුම් ළමුන්ගේ මානසික සෞඛ්‍යයට සහ අනවශ්‍ය ඇබ්බැහිවීම් සිදුකිරීමට බලපෑම් කරන බවයි.
එමෙන්ම මෙටා සමාගම විසින් ළමුන් ආරක්ෂා කිරීමට සහ අන්තර්ජාලය හරහා ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට සම්මත නීතියක් වන ඩිජිටල් සේවා සම්බන්ධ නිතිය උල්ලංඝනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
මෙටා සමාගම මඟින් වංචා සහ වැරදි තොරතුරු මෙන්ම ළමා අපයෝජන ද සිදුවන බවයි අදාළ විශ්ලේෂණයේදී අනාවරණවී ඇත්තේ.
ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යන ගිණුම්වල ඇල්ගොරිතම පද්ධති විශ්ලේෂණය කිරීමේදී අදාළ කරුණු හෙළිවී තිබෙනවා.
එමඟින් දරුවන්ගේ දුර්වලතා සහ අද්දැකීම් අඩුකම පිළිබඳව වාර්තා වී ඇති බවට සඳහන්.
කෙසේ වෙතත් අදාළ විශ්ලේෂකයන් පවසන්නේ ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යන ගිණුම් විවෘත කිරීම සඳහා පරිශීලකයින් අවම වශයෙන් අවුරුදු 13ක් විය යුතු බවයි.
මෙම විශ්ලේෂණය සම්බන්ධයෙන් මෙටා සමාගම දක්වන ප්‍රතිචාරය පිළිබඳ යුරෝපීය කොමිසම සෑහීමකට පත් නොවන්නේ නම් අදාළ සමාගමට 6%ක දඩයක් අය කළ හැකි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අදාළ විමර්ශනය සම්පූර්ණ කිරීම සඳහා නිශ්චිත කාල සීමාවක් ප්‍රකාශ කළ නොහැකි බවටද සඳහන්.