Friday, March 28, 2025

General line - 0115112241

දකුණු කළුතර දුම්රිය ස්ථානයේ අහඹු ලෙස රුධිරය පරීක්ෂා කිරීමේ වැඩසටහනක්



අද දිනට යෙදී ඇති ලෝක අධි රුධිර පීඩන දිනය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය, දුම්රිය දෙපාර්තමේන්තුව හා කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය එක්ව දුම්රිය මගීන්ගේ රුධිරය පරීක්ෂා කිරීමේ වැඩසටහනක් අද උදෑසන  දකුණු කළුතර දුම්රිය ස්ථානයේදී  සිදු කර තිබුනා 

මෙහිදී දුම්රියේ ගමන් ගන්නා මගීන්ගෙන්  අහඹු ලෙස තෝරාගෙන ඔවුන්ගේ අභිමතය පරිදි අධික රුධිර පීඩනය පරීක්ෂා කිරීම සහ රුධිරයේ සීනි  පරීක්ෂා කිරීම සිදු කර තිබෙනවා 

මීට අමතරව එම පරීක්ෂාවේ ප්‍රතිඵල මත දුම්රිය මගින් රෝගවලින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීමද කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ වෛද්‍යවරුන්ගේ සහ හෙද සහායකයින්ගේ සහභාගිත්වය ඇතිව සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.