Saturday, February 22, 2025

General line - 0115112241

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි යුවලක් තලංගමදී එස් ටී එෆ් අත්අඩංගුවට.



අයිස් මත්ද්‍රව්‍ය සහ ඈෂ් මත්ද්‍රව්‍ය මෝටර්  රථයකින් ප්‍රවාහනය  කරමින් සිටි යුවලක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි දිවයින පුරා ක්‍රියාත්මක  විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලයන් මර්දනය කර මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් මැඩලීම සඳහා සිදු කරනු ලබන මෙහෙයුම යටතේයි.

ඒ අනුව තලංගම, හීනැටිකුඹුර ප්‍රදේශයේදී එම සැකකාර යුවල අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායේ බස්නාහිර පළාත් සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු කොළඹ 08 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරිය පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වනවා.

ඔවුන් ගමන් ගත් මෝටර් රථයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10ක් සහ ඈෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 80ක් සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.