නීතිවිරෝධී ලෙස රැගෙනවිත්, තීරු බදු නොගෙවා ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යමින් සිටි ජංගම දුරකථන සහ පෙන් ඩ්‍රයිව් තොගයක් සමඟ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී ඔවුන් එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන් තොටුපොළෙහි අනියුක්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
එම ජංගම දුරකථන සහ පෙන් ඩ්‍රයිව් තොගයේ වටිනාකම රුපියල් කෝටි පහක් පමණ වන බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ - 12 සහ කොළඹ - 14 ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.
ඔවුන් දෙදෙනා ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ඔවුන් රැගෙන ආ ගමන් මලු කිහිපයක තිබී ජංගම දුරකථන 1,083 ක් සහ පෙන් ඩ්‍රයිව් 200 ක් සොයාගෙන ඇති බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාරදී තිබෙනවා.