Wednesday, March 12, 2025

General line - 0115112241

පකිස්තානයේ විරැකියාව වාර්තා ගත ලෙස ඉහළට

චිරන් ධර්මසේන



පකිස්ථානයේ, උපාධිධාරීන් සිටියද විරැකියාව බරපතල අභියෝගයක් බවට පත්වෙමින් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.

එය රටේ සාමාන්‍ය විරැකියා අනුපාතය මෙන් තුන් ගුණයක් පමණ වන බවයි පැවසෙන්නේ.

පකිස්ථානයේ සමස්ත රැකියා විරහිත ජනගහනයෙන් සියයට 51ක් කාන්තාවන් වන බව ද සඳහන්.

එමෙන්ම උගත් තරුණයන්ගෙන් සියයට 31කට වැඩි පිරිසක් රැකියා විරහිත බව ද පකිස්තාන මාධ්‍ය වාර්තා කළා.

එරට ඉංජිනේරුවන් අතර විරැකියා අනුපාතිකය වසර දෙකකදී දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවයි පැවසෙන්නේ.

ඒ හා සමානව පරිගණක විද්‍යා උපාධිධාරීන්ගේ විරැකියා අනුපාතය ද ඉහල ගොස් තිබෙනවා.

කෘෂිකාර්මික විද්‍යා උපාධිධාරීන්ගේ විරැකියා අනුපාතය ද සියයට 11.4 සිට සියයට 29.4 දක්වා ඉහළ ගොස් ඇතැයි සඳහන්.

වෛද්‍ය විද්‍යාව වැනි විෂය ක්ෂේත්‍රයක පවා විරැකියා අනුපාතය වසර දෙකකදී සියයට 6.4 සිට සියයට 10.8 දක්වා වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ.