Friday, May 2, 2025

General line - 0115112241

කාශ්මීර ප්‍රහාරය ගැන ඉදිරිපත් කළ පෙත්සමක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි



කාශ්මීරයේ පහල්ගම් කලාපයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කල පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබෙනවා. 

ඉකුත්දා ඉන්දීය පාලිත කාශ්මීරයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණ පරීක්ෂණයක් ඉල්ලා එම පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. 

අදාළ පෙත්සම ප්‍රතික්ෂේප කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පවසා ඇත්තේ මෙවැනි ප්‍රකාශ තුලින් ආරක්ෂක හමුදා අධෛර්යමත් විය හැකි බවයි. 

එමෙන්ම එවැනි පෙත්සමක් ගොනු කිරීමට පෙර වගකීමෙන් කටයුතු කල යුතු බවද ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත් ඉදිරි පැය 24 සිට 36 දක්වා කාලය තුළ ඉන්දියාව විසින් පාකිස්ථානයට ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇති බවට පකිස්ථානය චෝදනා කර තිබෙනවා. 

මේ හේතුවෙන් පකිස්ථාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ආගමික පාසල් 1,000 කට අධික ප්‍රමාණයක් තාවකාලිකව වසා දැමීමටයි එරට රජය පියවර ගෙන ඇත්තේ.