සියලු දෙනා අද දින සමරනු ලබන්නේ LTTE සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ හෝ වෙනයම් පුද්ගලයෙකුගේ මරණයක් නොව LTTE සංවිධානයේ මරණයත් සමග ඇති වූ ශ්‍රී ලංකාවේ ඒකීයත්වය හා රටේ සමස්ත ජනතාවට ලැබුණු අපිරිමිත මිනිස් නිදහස බව එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.
තිස් වසරක යුද්ධය නිමා කර අදට වසර 15ක් සපිරීම නිමිත්තෙන් රණවිරු ගුණ සමරු පදනම මගින් බොරැල්ල පොදු සුසාන භුමියේ රණවිරු ස්මාරකය අභියස සංවිධානය කර තිබූ රණවිරු සැමරුමට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසුවේ නවීන යුද ක්‍රියාවලියට මුහුණදීමට හැකි ආරක්ෂක අංශයක් රට තුළ ස්ථාපිත කළ යුතු බවයි.
මේ අතර වෙල්ලමුල්ලි වයික්කාල් අවසන් සටන සිහි කරමින් වැල්ලවත්ත වෙරළ තීරයේදී පිරිසක් සැමරුමක් සංවිධානය කර තිබුණා.
ඊට විරෝධය පළකිරීම සඳහා තවත් පිරිසක් එම ස්ථානයට පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
එම සැමරුමට විරෝධය පළ කළ සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ලැබූ අතර පසුව ඔහු පොලිස් ඇප මත මුදා හැරියා.
මේ අතර යුද්ධයෙන් මියගිය සිංහල සහ දෙමළ ජනතාව සිහිකරමින් වෙන වෙනම සැමරුම් උත්සව කිහිපයක් උතුරු පළාතේ පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය පැවසුවේ.