15 වන රණවිරු සැමරුම් දිනයට සමඟාමීව නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් 3146 ක් ඊලඟ තරාතිරමට උසස් කර තිබෙනවා.
ඒ සන්නද්ධ හමුදා සේනාධිනායක හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය ඇතිව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින්
මානුෂීය මෙහෙයුම විජයග්‍රහණයකින් අවසන් කිරීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් සහ රණක්‍ෂිතයට පත්වෙමින් කටයුතු කල වීරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ 15 වන රණවිරු සැමරුම් දිනයට සමඟාමීව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිත්‍ය සහ ස්වේච්ඡා අංශයන්ට අයත් විවිධ තරාතිරම් වල ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයන් උසස් කර තිබෙන්නේ.