Sunday, February 23, 2025

General line - 0115112241

මහා පරිමාණයෙන් බදු පැහැර හරින පුද්ගලයන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව පාඨලී කියයි



මෙරට බදු ගෙවීම පැහැර හරින මහා පරිමාණයේ ව්‍යාපාරිකයන්ගේ සහ රාජ්‍ය ආයතනවල බදු අයකර ගැනීම සඳහා වන නීතිය තවදුරටත් දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික පවසනවා.

කොළඹ පැවැති විද්වත් කතිකාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් රජයට හිමිවිය යුතු හිඟ මුදල රුපියල් බිලියන 07කට ආසන්න වන බවයි එම කතිකාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ.