ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි ගමන් ගත් හෙලිකොප්ටර් යානය සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වනවා.
ඉරාන ජනාධිපතිවරයා ගමන් ගත් හෙලිකොප්ටර් යානය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අසර්බයිජානයේ කඳුකර ප්‍රදේශයකට හදිසියේ ගොඩබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ද එම හෙලිකොප්ටර් යානයේ රැඳී සිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
හෙලිකොප්ටර් යානය හදිසියේ ගොඩබෑ ප්‍රදේශය ආශ්‍රිතව පවතින ඝන මීදුම් තත්ත්වය හේතුවෙන් අදාළ හෙලිකොප්ටර් යානය සෙවීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී තිබෙනවා.