Monday, May 5, 2025

General line - 0115112241

මීටියාගොඩ, වෙඩි තැබීම ගැන පොලිස් කණ්ඩායම් කිහිපයක් එක්ව විමර්ශන



මීටියාගොඩ, තඹහිටිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීම පිළිබඳ මේ වන විට මීටියාගොඩ පොලීසිය සහ තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක් එක්ව විමර්ශන ආරම්භ කර තිබෙනවා. 

එහිදී අනාවරණය වී ඇත්තේ එම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව වූ පුද්ගලයා 2015 වසරේ සිදු වූ ද්විත්ව ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු බවයි.
 

යතුරු පැදි දෙකකින් පැමිණි පුද්ගලයන් විසින් මීටියාගොඩ, තඹහිටිය අවන්හලක් ඉදිරිපිට ඊයේ රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුකර පලාගොස් තිබුණා. 

වෙඩි තැබීමෙන් අදාළ අවන්හල ඉදිරිපිට සිටි පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුළත් කෙරුණා. 

අනතුරුව එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ බවයි පොලීසිය පැවසුවේ. 
 

මරණකරු වයස අවුරුදු 47ක් සහ තුවාලකරු වයස අවුරුදු 52ක් වන මිටියාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. 

වෙඩි තැබීම සඳහා ටී-56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.