පසුගිය පස්වනදා හොරණ පොලිස් වසමේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කළ සැකකරුවෙකු කළුතර අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය විසින් සිදුකල දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ වඳුරඹ, තිරුවානාකැටිය ප්‍රදේශයේදීයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයයෙක්.
සැකකරු එම වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කර ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනවා.