Wednesday, March 26, 2025

General line - 0115112241

ජනපතිට අවසන් ගෞරව දක්වන්න ඉරාන වැසියන් සැරසෙයි



හෙලිකොප්ටර් අනතුරකින් මිය ගිය ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවමංගල්‍ය කටයුතු සිදු කිරීමට සියලු කටයුතු සුදානම් කරමින් පවතිනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඉරාන ජනාධිපතිවරයා ඇතුළු හෙලිකොප්ටර් යානයේ ගමන් ගත් අනෙක් පුද්ගලයන් 09 දෙනාගේද අවසන් කටයුතු මෙහිදී සිදුවන බවයි.

අවසන් කටයුතු අද එරට වේලාවෙන් පෙරවරු 09යි 30 ට පැවැත්වීමට නියමිතයි.

ඒ, ඉරානයේ කඳුකර වයඹදිග කලාපයේ විශාලතම නගරය වන ටැබ්‍රිස්  ප්‍රදේශයේදීයි.

අවමංගල්‍ය සැලසුම් කමිටුවේ ප්‍රධානී සහ ඉරානයේ විධායක කටයුතු පිළිබඳ උප සභාපති මොහ්සන් මන්සූරි පවසන්නේ අවමංගල්‍ය පෙරහැර පැවැත්වීමට මේ වන විට සියල්ල සුදානම් බවයි. 

ඉරාන ජනාධිපතිගේ අභාවය හේතුවෙන් එරට රජය දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එසේම අවමංගල්‍ය පෙරහැර සඳහා සහභාගී වීමට එරට පාසල් සහ සියලුම කාර්යාල ද වසා දමා ඇතැයි සඳහන්.

ඉරාන ජනාධිපතිවරයාගේ දේහය මෂඩ් ප්‍රදේශයේ ඉමාම් රේසා දේවස්ථානය වෙත ගෙන ගොස් එහිදී යාඥාවන් පවත්වනු ඇති බවයි වාර්තා වන්නේ. 

මේ අතර ජනපති රයිසිගේ මරණය සම්බන්ධයෙන් එක්සත් ජනපදය සිය ශෝකය ප්‍රකාශ කර තිබීමද විශේෂත්වයක්.