ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට හෙට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ආර්ථිකයේ ස්ථාවරත්වය සහ යළි ආර්ථිකය කඩා නොවැටීමට අදාළ පියවර ඇතුළත් කරමින් මෙය ඉදිරිපත් කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසුවේ.
රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වඩා යහපත් ලෙස පවත්වා ගැනීමට අදාළ පනත ද පාර්ලිමේන්තුවට හෙට දිනයේ ඉදිරිපත් කිරීමටයි නියමිතව ඇත්තේ.
මේ අතර රටේ ජනගහනය සහ සංචාරකයන්ගේ පැමිණිම වැනි සාධක පදනම් කරගෙන පමණක් නව මත්පැන් බලපත්‍ර ලබාදීමට ක්‍රියාකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
සතොස ආයතනයට අයත් මත්පැන් බලපත්‍ර 100න් 55ක් අර්ජුන් ඇලෝසියස්ට අයත් වෙනත් සමාගම් වෙත පැවරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට එල්ල කර ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.