ආර්ථික අර්බුධය හමුවේ පකිස්ථානයේ, උපාධිධාරී විරැකියාව බරපතල අභියෝගයක් බවට පත්වෙමින් ඇතැයි වාර්තා වනවා.
එය රටේ සාමාන්‍ය විරැකියා අනුපාතය මෙන් තුන් ගුණයක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
නවතම දත්ත වාර්තා අනුව පකිස්ථානයේ සමස්ත රැකියා විරහිත ජනගහනයෙන් සියයට 51ක් කාන්තාවන්.
උගත් තරුණයන්ගෙන් සියයට 31කට වැඩි පිරිසක් රැකියා විරහිත බව ද වාර්තා වනවා.
පකිස්තානයේ ඉංජිනේරුවන්ගේ විරැකියා අනුපාතිකය වසර දෙකක් තුලදී සියයට 1 සිට සියයට 23.5 ක් දක්වා දෙගුණයක් වී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ හා සමානව, පරිගණක විද්‍යා උපාධිධාරීන්ගේ විරැකියා අනුපාතය වසර දෙකක කාලය තුළ සියයට 14.2 සිට සියයට 22.6 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සඳහන්.
කෘෂිකාර්මික විද්‍යා උපාධිධාරීන්ගේ විරැකියාව සියයට 11.4 සිට සියයට 29.4 දක්වා තියුණු වැඩිවීමක් පෙන්නුම් කරනවා.
වෛද්‍ය විද්‍යාව වැනි විෂය ක්ෂේත්‍රයක පවා විරැකියා අනුපාතය වසර දෙකකදී සියයට 6.4 සිට සියයට 10.8 දක්වා වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ.