Tuesday, March 25, 2025

General line - 0115112241

ගංජා සමග අත්අඩංගුවට ගත් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් සැරයන්වරයා රිමාන්ඩ්

උපාලි ආනන්ද



අනුරාධපුර ගුවන් තොටුපල මාර්ගයේදී ගංජා  කිලෝ එකයි ග්‍රෑම් නව සියයක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා ලබන 27වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, මත්ද්‍රව්‍ය නාශක  කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබා දුන් නියෝගයක් මතයි.

එලෙස රක්ෂිත බන්ධානාගාරගත කර ඇත්තේ අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව සේවය  කළ ගලෙන්බිඳුනුවැව  උල්පත්ගම ස්ථීර ලිපිනයේ සහ අනුරාධපුර පොලිස් නිල  නිවාස සංකීර්ණයේ තාවකාලිකව පදිංචි පොලිස් සැරයන්වරයෙක්.