Tuesday, April 15, 2025

General line - 0115112241

ජනපති ඉරාන තානාපති කාර්යාලයට



අභාවප්‍රාප්ත ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතාගේ හදිසි අභාවය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සිය ශෝකය පළ කළා.

කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලය වෙත ගිය ජනාධිපතිවරයා එහි තැන්පත් කර තිබු ශෝක සටහන් පොතේ සටහනක් ද තබමින් ඉරාන රජයට සහ එරට ජනතාවට බලවත් ශෝකය පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

තානාපති කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා මෙරට ඉරාන තානාපති ආචාර්ය අලි රීසා ඩෙල්කොෂ් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් පිළිගෙන තිබෙනවා.

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉරාන තානාපතිවරයා ඇතුළු පිරිස සමඟ කෙටි කතාබහකට එක් වූ බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවා.