බී ළුෑණු සහ අල සඳහා ස්ථාවර මිලක් පවත්වා ගැනීමට ස්ථිර බද්දක් පැනවීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ ගොවියාගේ නිෂ්පාදන වියදමද ඇතුළත් කරමින් මෙම බද්ද පැනවීම සිදු කරන බවයි.
පාර්ලිමේන්තුව ඊයේ රැස්වූ අවස්ථාවේ ඔහු මෙම අදහස් පළ කළ අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රශ්න කළේ උෂ්ණත්වය හා තෙතමනය පාලනය කරන දඹුල්ලේ ඉදි කළ මෙරට පළමු කෘෂි ගබඩාවට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳවයි.
උෂ්ණත්වය හා තෙතමනය පාලනය කරන මෙවැනි කෘෂි ගබඩා වැලිමඩ සහ යාපනය ඇතුළු ප්‍රදේශවල ඉදිකළ යුතු බවටයි මෙහිදී යෝජනා කෙරුණේ.