හිටපු අමාත්‍යවරයෙකු වන තිලක් මාරපන මහතාගේ සොහොයුරෙකු වූ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
රෝගී තත්ත්වයෙන් පසුවූ ගාමිණී මාරපන මහතා කොළඹ පෞද්ගලික රෝහලක දී අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇති බවයි ඥාතීන් සඳහන් කර සිටියේ
2021 වසරේ දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔහු කොළඹ වරාය නගර කොමිසන් සභාවේ සභාපතිවරයා ලෙස ද පත් කල අතර ඔහු ආන්දෝලනාත්මක නඩු රැසක් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයෙකු වනවා.
අභාවප්‍රාප්ත ගාමිණී මාරපන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි ඥාතීන් සඳහන් කර සිටියේ