නෙත් එෆ් එම් රේඩියෝව වේයන්ගොඩ ගුණසිරි සඟබෝ විහාරස්ථානයේ සංවිධාන කරන නේත්‍රාලෝක වෙසක් කලාපයේ සිව්වන දිනය අදයි.
එම වෙසක් කලාපය තුළදී සර්වඥ ධාතූන් වහන්සේ සහ මහ රහතන් ධාතුන් වහන්සේ වන්දනා කිරීමට සැදැහැවතුන් විශාල පිරිසක් මේ වන විටත් පැමිණෙමින් තිබෙන බවයි අප නෙත් නිවුස් විශේෂ නියෝජිත දර්ශන බණ්ඩාර පැවසුවේ.
මේ අතර ඓතිහාසික කූරගල පුදබිමේ පැවැත්වෙන වෙසක් කලාපයද අද සිව්වන දිනයටත් ක්‍රියාත්මකයි. එම වෙසක් කලාපය නැරඹීම සහ කූරගල පුදබිම වැදපුදා ගැනීම සඳහා සැදැහැවතුන් විශාල පිරිසක් පැමිණෙමින් සිටිනවා.
ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා ඓතිහාසික කූරගල පුදබිමේ රැඳී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමඟින්.