මියන්මාරයේ පරිගණක අපරාධකරුවන්ගේ සයිබර් කදවුර තුළ බලහත්කාරයෙන් රදවා ගෙන සිටින ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 49 දෙනා සහ රුසියානු - යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකික රණවිරුවන් බේරා ගෙන යළි ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා වූ සාකච්ඡා සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් අද අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.
එලෙස දිවයිනෙන් පිටත්ව ගියේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතීඥ වසන්ත යාපා බණ්ඩාර, ජේ සී අලවතුවල සහ සුජිත් සංජය පෙරේරායි.
රාජතාන්ත්‍රික මෙහෙයුමක් සදහා එම රටවල රාජතාන්ත්‍රික නිලධාරීන් සහ තෙවන පාර්ශවයන් සමග සාකච්ඡා කර වැඩපිළිවෙළක් සකස් කිරීම සදහා තමන් එලෙස දිවයිනෙන් පිටත්ව යන බවයි නීතීඥ වසන්ත යාපා බණ්ඩාර පැවසුවේ.