Monday, February 24, 2025

General line - 0115112241

වාරියපොළ ප්‍රදේශයේදී විදුලිසැර වැදී පුද්ගලයෙකු මරුට



වාරියපොළ, මාවත වැවේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකු විදුලි සැර වැදී මිය ගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ වඳුරැස්ස, ගලයාය ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි පුද්ගලයෙක්.

මාවත වැවේ පුද්ගල මළසිරුරක් ඇති බවට වාරියපොළ පොලීසියට ලද තොරතුරක් මත එම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එහිදී අනාවරණ වී ඇත්තේ වැව අසළ සතුන් දඩයම් කිරීම සඳහා අදින ලද අනවසර විදුලි රැහැනකින් විදුලිය ජලයට කාන්දු වී එම පුද්ගලයාට විදුලිසැර වැදී ඇති බවයි.

කුරුණෑගල රෝහලේදී සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අදාළ මරණය විදුලිසැර වැදීම හේතුවෙන් සිදුවූවක් බව අනාවරණ වී ඇති බවද පොලීසිය පැවසුවා.