Monday, February 24, 2025

General line - 0115112241

මොරොක්කන් හෑෂ් මත්ද්‍රව්‍ය සමග මීගමුවේදී සැකකරුවෙකු STF අත්අඩංගුවට



මොරොක්කන් හෑෂ් නමැති මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් මීගමුව ප්‍රදේශයේ පිහිටා ඇති ආයතනයක පිටුපස රථගාලේ සිදු කළ වැටලීමකදීයි.

එහි දී අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී මොරොක්කන් හෑෂ් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 274ක් සොයා ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23ක් වන පුද්ගලයකු වන අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එම සැකකරු මීගමුව පොලිස් ස්ථානය වෙත භාර දුන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවා.