Monday, February 24, 2025

General line - 0115112241

කහවත්තේ ගසක් කඩා වැටී කාන්තාවක් මරුට - තවත් දෙදෙනෙකුට තුවාල



පවතින වැසි තත්ත්වය ඉදිරියටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අපේක්ෂිත කාලගුණ අනාවැකිය කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ අජිත් විජේමාන්නගෙන්.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු මුහුදු යාමෙන් වළකින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර ගසක් කඩා වැටීම හේතුවෙන් කහවත්ත ප්‍රදේශයේ කාන්තාවක් මිය ගොස් තිබෙනවා.

කහවත්ත, ඕපාත වතුයායක කාන්තාවක් එලෙස මියගොස් ඇති අතර එම අනතුරෙන් තවත් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා කහවත්ත රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි.