වාහන ආනයනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සුභවාදී ප්‍රතිචාරයක් දක්වා තිබෙනවා.
ඔහු පවසන්නේ වාහන ආනයනය සම්බන්ධයෙන් පවතින සීමා ක්‍රමානුකූලව ලිහිල් කිරීමට රජය තීරණය කරන්නේ නම් ඒ සඳහා විදෙස් සංචිත කළමනාකරණය කිරීමට මහ බැංකුවට හැකියාව පවතින බවයි.
මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට ද තීරණය කර ඇති බවයි.