දීර්ඝ කාලයක සිට අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි පුද්ගලයෙකු බූස්ස ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, යුක්තිය මෙහෙයුමට සමගාමීව පොලිස් විශේෂ කාර්ය බලකායේ ගාල්ල සේනාංකයේ ස්ථාපිත කර ඇති බුද්ධි ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් රත්ගම වැල්ලබඩ, බූස්ස ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලබඩ, බූස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක පුද්ගලයෙක්.
එම වැටලීමේදී, ජාවාරමෙන් උපයා ගත් රුපියල් ලක්ෂයක මුදලක්, ජංගම දුරකථන 02ක් සහ යතුරු පැදියක්ද පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධ වැඩිදුර විමර්ශන සිදු කිරීමට රත්ගම පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.