Monday, February 24, 2025

General line - 0115112241

ප්‍රවීන සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න අභාවප්‍රාප්ත වෙයි



මෙරට බිහි වූ විශිෂ්ට සංගීතඥයෙක් වන ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේදීයි.

මියයන විට ඒ මහතා 94 වියේ පසු වුණා. 1931 වසරේ අප්‍රේල් මස 29වන දා කොළඹ, කොටහේනේදී උපත ලැබූ ෂෙල්ටන් ප්‍රේමරත්නයන් 1952 වසරේදී වේදිකා ගත කළ “හීන කුලය” නාට්‍ය හරහා සංගීත ක්ෂේත්‍රයට පිවිසුනා. 

මෙරට වැඩිම මුද්‍රා නාට්‍ය ප්‍රමාණයකට සංගීතය සපයා ඇත්තේ ද ෂේල්ටන් ප්‍රේමරත්නයන් විසින්. එතැන් සිට හුණු වටයේ කතාව, කෝන්තරේ, මන්ත්‍රී හාමුදුරුවෝ, තහංචි සහ කුවේණි ඇතුළු වේදිකා නාට්‍ය රැසක සංගීත අධ්‍යක්ෂණය කරමින් ඔහු සිය හැකියාවන් විදහා පෑවා. 

“සඳ මඩලේ සිට”, “සුපුන් සඳක් නැගීලා”, “හංසරානී”, “හිරු පායනවා”,   “ඔන්න ඕලු මලක්”, “කිරි කැටි පුතුනේ”, “නාඹර ගොයමට” ඇතුළු ගීත විශාල ප්‍රමාණයක තනු නිර්මාණ ශිල්පියා වන්නේ ද ෂෙල්ටන් ප්‍රේමරත්න මහතායි.