Friday, April 18, 2025

General line - 0115112241

විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා ක්‍රියාත්මක මෙහෙයුම්වලදී තවත් සැකකරුවන් 722 දෙනෙකු අත්අඩංගුවට



විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම යටතේ ඊයේ දිනයේ සිදුකළ වැටලීම්වලදී සැකකරුවන් 722 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ඊයේ දිනය තුළ දිවයින පුරා සිදුකෙරුණු වැටලීම් 729කදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඒ අතරින් සැකකරුවන් 30 දෙනෙකු රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිත අතර තවත් සැකකරුවන් 16 දෙනෙකුගේ වත්කම් විමර්ශනය කිරීමට නියමිතව තිබෙනවා.

මෙම මෙහෙයුම යටතේ බස්නාහිර පළාත තුළ සිදු කෙරුණු වැටලීම්වලදී පමණක් හෙරොයින් ග්‍රෑම් 159ක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 584ක් සහ ගංජා ග්‍රෑම් 214ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.