බගවන්තලාව, මාඑළිය අධි රක්ෂිතයේ ජෛව විවිධත්වයට දැඩි හානි ගෙනදෙමින් දීර්ඝ කාලයක සිට රහසිගතව මැණික් ගැරූ පිරිසක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, එම බලකායේ නුවරඑළිය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.
එහිදී කෙසෙල්ගමුව ඔය ඇළ ඉවුරට හානි කරමින් එලෙස මැණික් ගැරූ සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් බගවන්තලාව, අවිස්සාවේල්ල, රත්නපුර, කලුතර සහ පූගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කරුවලගස්වැව වනජීවී කාර්යාලය වෙත භාරදුන් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවා.