දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම තාවකාලිකව වසා දමා තිබෙනවා.
එම පිවිසුමට ඇතුළුවන හා පිවිසුමෙන් පිටවන මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් එලෙස තාවකාලිකව වසා දැමූ බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ.
ඒ අනුව මත්තල දෙස සිට පැමිණෙන රථ වාහනවලට සහ කොළඹ දෙස සිට පැමිණෙන රථ වාහනවලට එම පිවිසුමෙන් පිටවීමට හැකිවන්නේ නැහැ.
එමෙන්ම අලුත්ගම මතුගම මාර්ගයෙන් පැමිණෙන රථවාහනවලට ද වැලිපැන්න පිවිසුමෙන් අධිවේගී මාර්ගයට පිවිසීමට නොහැකි බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ.
මේ අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේදී විද්යුත් පුවරුවල සඳහන් අවවාදාත්මක වැකි පිළිබඳ දැඩි අවධානයෙන් යොමු කරන්නැයි රියදුරන්ගෙන් ඉල්ලීමක් ද කළා.
රිය ධාවනයේදී වාහන දෙකක් අතර පරතරය මීටර් 50 ක් තබාගන්නා ලෙසත්, තම රථයේ වේගය කිලෝමීටර 100 ඉක්මවා නොයන ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියා.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි අඳුරු සහිත ආලෝක තත්ත්වයක් පවතින බැවින් වාහනවල ප්‍රධාන ලාම්පු දල්වා ධාවනය කරන ලෙසයි මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේ.