පසුගිය වසරේ අවසන් කාර්තුව වන විට මෙරට ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රයේ සුළු වර්ධනයක් දක්නට ලැබුන ද මේවන විට එම ක්ෂේත්‍රය යළි කඩාවැටී ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා.
එහි සභාපති එම්. ඩී. පෝල් පැවසුවේ ඉදිකිරීම් කර්මාන්තයේ ගැටළු විසදීමට වගකිව යුතු පාර්ශව නිසි අවදානයක් යොමුකර නොමැති බවයි.
අතරමඟ නවතා ඇති ව්‍යාපෘති විශාල ප්‍රමාණයක් යළි ආරම්භ කිරීමට නොහැකි වී ඇති බවද ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපතිවරයා පෙන්වා දුන්නා.