Thursday, April 17, 2025

General line - 0115112241

ප්‍රදේශ රැසක විදුලිය විසන්දි වෙයි - විදුලි බල මණ්ඩලයෙනුත් විශේෂ නිවේදනයක්



දිස්ත්‍රික්ක කිහිපය මේවන විට විදුලිය විසන්දි වීම් සිදුව ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ පවතින අධික වර්ෂාවත් සමඟ ඇතැම් ප්‍රදේශවල හදිසි බිඳ වැටීම් සිදුව ඇති බවත් ඒවා මේවන විටත් යථා තත්ත්වයට පත්කරමිනි සිටින බවයි.

තවද ගංවතුර ගැලීම් තිබෙන ප්‍රදේශවල ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ද මේවන විට ප්‍රදේශ කිහිපයක විදුලිය විසංන්ධි කර තිබෙන බවයි ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මේ, මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති ආපදා තත්ත්වය ගැන තොරතුරු ගෙනඑන නෙත් නිවුස් වාර්තාකරු ටී කේ මහින්ද.