Tuesday, February 25, 2025

General line - 0115112241

අයහපත් කාලගුණය නිසා සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර ඇගයීමේ දින වෙසන් වෙයි.



පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඉකුත් දා අවසන් වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු ආරම්භක දිනය සංශෝධනය කර තිබෙනවා. 

ඒ අනුව ලබන 08 වනදා සිට 17 වනදා දක්වා දිවයින පුරා පිහිටි ඇගයීම් මධ්‍යස්ථාන 101කදී උත්තර පත්‍ර ඇගයමේ පළමු අදියර සිදු කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ. එම ඇගයීම් කටයුතු ලබන 06වනදා සිට ආරම්භ කිරීමට මීට පෙර තීරණය කර තිබුණා.