ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාව ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ සමගි ජන බලවේගය සමග එක්වුණා.
දෙහිඅත්තකණ්ඩිය සඳුන්පුර ජාතික පාසලට සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එලෙස සමගි ජනබලවේගයට එක්ව තිබෙනවා.
ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායේ සේවය කර ඇති ඔහු අඹගහවැල්ල ප්‍රාදේශීය රෝහලේ සහ අම්පාර සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රධානියා සහ අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයේ අධ්‍යක්ෂවරයා ලෙස ද සේවය කළා.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකු වූ තිස්ස කරල්ලියද්ද ද සමගි ජනබලවේගය හා එක්ව තිබෙනවා.
සමගි ජනබලවේගයේ මැදවච්චිය ප්‍රදේශයේ සම සංවිධායකවරයා ලෙසටද විපක්ෂ නායකවරයා විසින් ඔහු පත් කරනු ලැබුවා.