Tuesday, February 25, 2025

General line - 0115112241

කලටුවාව ජලනල සැපයුම් මාර්ගයක කොටසක් ගැලවී යයි



කලටුවාව ජල පවිත්‍රාගාරයේ සිට ක්‍රියාත්මක වන ප්‍රධාන ජල නල සැපයුම් මාර්ගයක කොටසක් ගැලවී ගොස් තිබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ උදෑසන 6 සිට 9 දක්වාත්, සවස 5 සිට රාත්‍රී 9 දක්වාත් ප්‍රදේශ කිහිපයකට අඩු පීඩන තත්ත්වය යටතේ ජල සැපයුම සිදුකරන බවයි.

ඒ අනුව ගලගෙදර, පාදුක්ක, ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත, මත්තෙගොඩ, මහරගම, බොරලැස්ගමුව සහ පැපිලියාන ප්‍රදේශවලට එලෙස අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ.