Tuesday, February 25, 2025

General line - 0115112241

ඉන්දීය මහමැතිවරණ ප්‍රතිඵල අනුව මෝදි ඉදිරියෙන්



2024 ඉන්දීය මහමැතිවරණය ජය ගැනීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සමත්ව තිබෙනවා.

ඒ, ලෝක් සභාවේ ආසන 290ක් හිමි කර ගනිමින්.

ඉන්දීය කොන්ග්‍රසය ප්‍රමුඛ විපක්ෂ සන්ධානය වන ඉන්දියා සන්ධානය හිමිකරගෙන ඇති ආසන ගණන 229ක්.

ඒ අනුව පිට පිට තුන් වන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධූරය දැරීමේ අවස්ථාව නරේන්ද්‍ර මෝදිට හිමිව තිබෙනවා.

මීට පෙර තුන්වරක් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරය හොබවා ඇත්තේ නිදහස් ඉන්දියාවේ පළමු අග්‍රාමාත්‍යවරයා වන ශ්‍රී ජවහර්ලාල් නේරු පමණයි.