Tuesday, February 25, 2025

General line - 0115112241

ලෝක පරිසර දිනය අද - වනාන්තර විනාශය නිසා ශ්‍රී ලංකාවත් අවදානමක



ලෝක පරිසර දිනය අදට යෙදී තිබෙනවා.

මෙවර ශ්‍රී ලංකාව එය සමරන්නේ ‘ඵලදායී භූමි පරිහරණයෙන් සුවදායි දෙරණක්’ යන තේමාව යටතේයි.

ලෝක පරිසර දින ජාතික සැමරුම් උත්සවය සිංහරාජ උඩව ප්‍රදේශයේ පැවැත්වීමට සැලසුම් කර තිබුණද පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එය කොළඹදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

එම උත්සවයේදී රත්නපුර වර්ණගලවත්ත ප්‍රදේශය ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවද පරිසර අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති සඳහන් කළා.

පරිසර අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පැවසුවේ අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් ලෝක පරිසර දින සැමරුම් දින උත්සවයට වෙන් කර ඇති මුදලින් කොටසක් ලබා දීමට තීරණය කර ඇති බවයි.

මෙවර ලෝකය පරිසර දිනය සමරන්නේ කාන්තාරීකරණය නැවත භූමිය පරිවර්තනය කිරීම ප්‍රධාන තේමාව කර ගනිමින්. 

දිනෙන් දින පරිසරය විනාශ වන පසුබිමක ශ්‍රී ලංකාවේ තත්ත්වය කෙබඳුද? මේ, සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක, පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම්.

ලෝක පරිසර දිනයේ ජාත්‍යන්තර ප්‍රධාන උත්සවය සෞදි අරාබියේදී පැවැත්වෙනවා.