Thursday, March 27, 2025

General line - 0115112241

වැසි අඩුවෙද්දී ඩෙංගු සීග්‍රයෙන් හිස ඔසවයි



වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවෙමින් පැවතියද ඩෙංගු රෝගය ක්‍රමයෙන් හිස ඔසවමින් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු පවසනවා.

ඔහු කියා සිටියේ මදුරුවන් බෝවිය හැකි පරිශ්‍ර 28,000ක් හඳුනා ගැනීමට ඉකුත් ඩෙංගු මර්දන සතියේදී පමණක් හඳුනාගැනීමට හැකි වූ බවයි.

වැසි බර කාලගුණයක් පවතින පසුබිමක වඩා අවදානය යොමු කළ යුතු කරුණු මොනවාද?

ජාතික ඩෙංගු මර්දන ඒකකය පැවසුවේ ගතවූ මාස 05ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 25,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බවයි.