ඉන්දීය මහමැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂයට බහුතර බලය අහිමිවීමත් සමග ඉන්දීය කොටස් වෙළඳපොළ දරුණු ලෙස කඩා වැටී තිබෙනවා.
මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීම අවසන් වීමට පෙරම කොටස් වෙළඳපොළ අගයන් සියයට 06කින් කඩා වැටී තිබුණා.
එය 2020 මාර්තු මාසයේ පළමු කොවිඩ් රැල්ලේදී ඉන්දීය කොටස් වෙළඳපොළේ ඇතිවූ දරුණු කඩා වැටීමට සමාන තත්ත්වයක්.
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉන්දියානු රුපියල සියයට දශම 5කින් කඩා වැටී තිබෙනවා. එය මාස 16ක් තුළ සිදු වූ විශාලතම පහළ යාමයි.
ඉන්දීය මහමැතිවරණයෙන් ජය ගැනීමට භාරතීය ජනතා පක්ෂය සමත් වුණා. එහෙත් මෙවර විශේෂත්වය වන්නේ ඔවුන්ට ඉන්දීය ලෝක් සභාවේ බහුතර බලය ලබා ගැනීමට නොහැකි වීමයි.
ඒ අනුව භාරතීය ජනතා පක්ෂයට සිදු වුණේ නව සන්ධානයක් ගොඩනැගීමටයි.
කෙසේවෙතත් තෙවැනි වතාවටත් නරේන්ද්‍ර මෝදි ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත් වනු ඇති.
ඉන්දීය මහමැතිවරණය මෙවර පැවැත්වුණේ ලෝක් සභාවේ ආසන 543ක් සඳහා සභිකයින් තෝරා ගැනීමටයි.
එහි බහුතරය ලබා ගැනීමට නම් එක් පක්ෂයක් ආසන 272ක් ලබා ගත යුතුයි.
භාරතීය ජනතා පක්ෂය මෙවර මැතිවරණයට තරඟ වැදුනේ ආසන 400ක් දිනා ගැනීමේ අරමුණින්.
එහෙත් මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට හිමිව ඇත්තේ ආසන 242ක් පමණයි.
ඒ අනුව ඔවුන් තවත් පක්ෂ කිහිපයක සහය ඇතිව පාර්ලිමේන්තුවේ ආසන 295ක බහුතර ආසන සංඛ්‍යාවක් සහිත නව සන්ධාන ආණ්ඩුවක් බිහිකර තිබෙනවා.
2019 මැතිවරණයේදී මෙම සන්ධානයට ආසන 352ක් හිමිවී තිබුණා.
ඉන්දීය ජාතික කොංග්‍රසය ප්‍රමුඛ විපක්ෂය මෙවර ආසන 231ක් දිනා ගෙන තිබෙනවා.
2019 මැතිවරණයේදී මෙම සන්ධානයට හිමිව තිබුණේ ආසන 94ක් පමණයි.
2019දී ආසන 52ක් වූ රාහුල් ගාන්ධිගේ ඉන්දීය ජාතික කොංග්‍රසයට මෙවර ආසන 98ක් ලැබී තිබීම විශේෂත්වයක්.