ලෝක් සභා මැතිවරණයේදී ලබා ගත් ජයග්‍රහණය වෙනුවෙන් චීන විදේශ කටයුතු අමාත්‍යාංශය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, භාරතීය ජනතා පක්ෂය සහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය වෙත සුබ පැතුම් එක් කර තිබෙනවා.
එම අමාත්‍යංශය පවසන්නේ ඉන්දියාවෙන් වඩාත් හොඳ ස්ථාවර චීන - ඉන්දු සබඳතාවයක් අපේක්ෂා කරන බවයි.
X ගිණුමේ සටහනක් තබමින් චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක Mao Ning ප්‍රකාශ කළේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව අගමැති @narendramodi, BJP සහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට සුබ පැතුම් එක් කරන බවයි.
එමෙන්ම මාධ්‍ය හමුවක් අමතමින් මාඕ නින්ග් පවසා ඇත්තේ ඉන්දියාව සහ චීනය අතර "සෞඛ්‍ය සම්පන්න සහ ස්ථාවර" සබඳතාවයක් දෙපාර්ශවයේම පොදු අවශ්‍යතාවක් වන බවයි.
එය කලාපයේ සහ ලෝකයේ සාමයට සහ සංවර්ධනයට හිතකර වන බව ද ඇය පවසා තිබෙනවා