Friday, March 28, 2025

General line - 0115112241

වර්ජනය කළ ගුරුවරුන් ගැන ඇමති සුසිල් කී කතාව



අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමේ අභියෝගාත්මක කටයුත්තට ප්‍රවේශ වූයේ විභාග කල්යාම නිසා වින්දිතයන් බවට පත්ව ඇති පාසල් දරු දැරියන් වෙනුවෙන් බව අධ්‍යාපන අමාත්‍ය අචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

පසුගියදා නිමාවට පත්වූ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදුන් දරුවන් සඳහා උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් කොළඹ නාලන්ද විද්‍යාලයේ අද පැවැති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ගුරු වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ වෘත්තීය ක්‍රියාමාර්ගවලදී ගුරුවරුන් ලෙඩ වුවද දරුවන් ලෙඩ නොවන බවයි.